Thursday, November 18, 2010

ගාමන්ට් ජීවිතය

ගොඩක් අය හිතන්නෙ ගාමන්ට් යන ලමයි කියන්නෙ අමුතු ජන කොට්ඨශයක් කියල, මම වැඩ කරන්නෙ මේ ට්‍රේඩ් එකේ කියල මගෙ පාසල් ජීවිතේ යලුවන්ට කිව්වම උන් හිතන්නෙ මහ ජරා විදියට. නමුත් මේකෙ ඉන්න කෙනා තම දන්නෙ ඇත්ත තත්වෙ මොකක්ද කියල.
ගොඩක් දෙන හිතන් ඉන්නෙ ගාමන්ට් කෙල්ලො කියන්නෙ මහ වල් එඋන් කියල, ඒත් ඒක් ගොඩක් වරදි අදහසක්. මම කියන්නෙ නෑ එහෙම අය නෑ කියල, එහෙම අය හැම තැනම ඉන්නව,මේ ට්‍රේඩ් එකේ කියල වෙනසක් නෑ,
නමුත් මේවගෙ වැඩ කරන ලමයින්ගෙ ජීවිත ගොඩක් කටුකයි. ඒව දැන දැන මම හිතන්නෙ නෑ හිතක් පපුවක් තියන කෙනෙක්ට මේ ලමයින්ව රවට්ටන්න පුලුවන් කියල.

මම හිතන්නෙ මේ ගීතය තමයි මේ ලමයින්ගෙ ජීවිතේ ගැන හොදටම ලියවුන ගීතය, මේ ගීතය අහද්දි ඇත්තටම මගෙ හිතත් එක්ක හිරි වැටෙනව.
මම හිතනව මේ ලිපිය කියවපු අය ගොඩක් හොද හදවත් තියන අය කියල.....

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට......
ඔබෙ මුව පෙනේ පරවුනු කුසුමක් ලෙසට.....
අරුණලු කැරලි වැටෙන සද අලුයමට.....
ඔබේ ලොවට රෑ වෙයි පෙර කල පවට....


ඩිලීගෙ බ්ලොගය

ඔන්න මටත් ආස හිතුන බ්ලොග් එකක් පටන් ගන්න, බලමු බලමු මොනද වෙන්නෙ කියල ඉස්සරහට........